GURULK

සිංහල පරිගණක පාඩම්

World's Largest Sinhala Educational Website that Hosts Free Computer Training Video Tutorials and Lessons. සිංහල භාෂාවෙන් පරිගණක අධ්‍යාපනය ලබාගත හැකි ලෝකයේ විශාලතම වෙබ් අඩවියයි. මෙහි ඇති සියළුම පරිගණක පාඩම් ඔබට සිංහල භාෂාවෙන් ඉගෙන ගැනීමට හැකියාව ඇත

Graphic Designing with CorelDRAW X6 Complete Training Course DVD in Sinhala

Graphic Designing with CorelDRAW X6 Complete Training Course DVD in Sinhala

CorelDRAW is the one of the most popular vector graphic designing software in the industry. By following this course you can learn the fundamentals of vector graphic designing, how to use CorelDRAW effectively to produce stuning graphics and design logos, banners and illustrations effectively. Even without prior knowledge in graphic designing you can follow this training material to become an expert in CG designing.

Content: 13 Chapters
Duration : 12 hours

ග‍්‍රැෆික් නිර්මාණකරනයේදී බොහෝ දෙනා අතර ඉතාමත් ජනප‍්‍රිය මෘදුකාංගයක් වන කොරල් ඩ්‍රෝ ග‍්‍රැෆික් ස්වීට් හී X6 සංස්කරණය මුල සිට භාවිතා කෙරෙන ආකාරය ඉගැන්වෙන සම්පූර්ණ පාඨමාලාවක් ලෙස මෙය හදුන්වා දිය හැක. පරිච්ඡේද 13 කින් සමන්විත මෙම පාඨමාලාව පැය 12 ක පමණ ධාවන කාලයක් සහිත වීඩියෝ පාඩම් 106 ඇතුළත් කොට ඇත. එබැවින් කොරල් ඩ්‍රෝ මෘදුකාංගය පිළිබඳව කිසිදු පෙර දැනුමක් නොමැති කෙනෙකු හට වුවද මෙම පාඨමාලාව මුල සිට පිළිවෙලින් අධ්‍යයනය කිරීම මඟින් ග‍්‍රැෆික් නිර්මාණ ශිල්පය පිළිබඳ පරිපූර්ණ දැනුමක් ලබා ගැනීමට හැකිවනු ඇත. ග‍්‍රැෆික් නිර්මාණකරනය යනු දැනුමට අමතරව බොහෝවිට ප‍්‍රායෝගික කුසලතාවය අවශ්‍යය කෙරෙන විෂය ක්ශේත‍්‍රයක් ලෙස හැදින්විය හැකිය. එබැවින් මෙම පාඨමාලාවේදී ඔබ ලබා ගන්නා දැනුම, නිරන්තරයෙන් ප‍්‍රායෝගිකව යෙදීම මඟින් ඔබගේ කුසලතාවයන් දියුණු කර ගැනීම ඉතා වැදගත් කොට සැළකිය යුතු වේ.

පාඩම්මාලාවේ අන්තර්ගතය

පරිච්ඡේද ගණන : 13

සම්පූර්ණ පාඩම්මාලාවේ කාලය : පැය 12

  • කොරල් ඩ්‍රෝ මෘදුකාංගය සහ එහි අතුරුමුහුණත මනාව තේරුම් ගැනීම
  • ග‍්‍රැෆික් නිර්මාණ සඳහා පිටු සැකැසීම
  • සරල සහ සංකීර්ණ හැඩතල නිර්මාණය කිරීම
  • හැඩතල සඳහා විවිධ වෙනස්කම් සිදු කිරීම
  • කොරල් ඩ්‍රෝ ලිපි ගොනු සැකසීමේ ක‍්‍රියාවලිය
  • සියලූම මෙවලම් පිළිබඳ අධ්‍යයනය
  • රේඛා භාවිතයෙන් හැඩතල නිර්මාණය සහ ඒ සඳහා භාවිතා කෙරන විවිධ ශිල්පීය ක‍්‍රම
  • නොඞ් භාවිතය සහ ඒවා වෙනස් කරන ආකාරය
  • රේඛා යොදා ගනිමින් සංකීර්ණ හැඩතල නිර්මාණය කිරීම
  • විවිධ වස්තූන් සහ හැඩතල භාවිතය
  • වර්ණ භාවිතය සහ මිශ‍්‍ර කිරීමේ ක‍්‍රම
  • සංකීර්ණ රටා සැකැසීම
  • විවිධ ආචරණ භාවිතා කිරීම සහ යෙදවීම
  • විවිධ ගොනු නිර්මාණය

සම්පූර්ණ විෂය කොටස් ආවරණය වන ලෙස වීඩියෝ පාඩම් 106 මෙම පාඩමාලාවට අන්තර්ගත කොට ඇත.

මිළ : Rs. 1,500.00

ඇනවුම් කිරීම සඳහා අමතන්න 777560437 / 711779997

අපගේ බැංකු ගිණුමට මුදල් ගෙවීමෙන් පසුව ලියාපදිංචි තැපෑලෙන් (අධිවේගී තැපැල් - Speed Post) මඟින් ඔබගේ ලිපිනයටම ගෙන්වා ගත හැක.

Back to Top

GURULK.COM © 2008- 2024 All Rights Reserved. Copyright is Owned by the Author.

  • Facebook Fan Page
  • Tweets on Twitter
  • Youtube Channel
  • Author's LinkedIn Profile
  • RSS Feeds of GURULK