GURULK

සිංහල පරිගණක පාඩම්

World's Largest Sinhala Educational Website that Hosts Free Computer Training Video Tutorials and Lessons. සිංහල භාෂාවෙන් පරිගණක අධ්‍යාපනය ලබාගත හැකි ලෝකයේ විශාලතම වෙබ් අඩවියයි. මෙහි ඇති සියළුම පරිගණක පාඩම් ඔබට සිංහල භාෂාවෙන් ඉගෙන ගැනීමට හැකියාව ඇත

Python 3 Programming Complete Training Course DVD in Sinhala

Python 3 Programming Complete Training Course DVD in Sinhala

පරිගණක ක්‍රමලේඛණය ඉගෙන ගැනීම සඳහා දැනට ලෝකයේ භාවිතා කරන වඩාත් ජනප්‍රියම ක්‍රමලේඛණ භාෂාව ලෙස සැලකෙන්නේ පයිතන් ක්‍රමලේඛණ භාෂාවයි. අනෙකුත් භාෂාවන් සමඟ සංසන්දනය කිරීමේදී පයිතන් වඩාත් පහසුවෙන් ඉගෙන ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි. එම නිසා දැනට ලෝකයේ තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රයන් තුළ ඉහළ ඉල්ලුමක් සහිත පරිගණක භාෂාවක් ලෙස පයිතන් සලකනු ලැබේ. මෙම ස්වයං අධ්‍යයන පාඨමාලාව තුළ ඔබට පයිතන් ක්‍රමලේඛණ භාෂාව මුල සිට ඉගෙන ගැනීමට හැකි වන අතර ඒ සඳහා ඔබට ක්‍රමලේඛණය පිළිබඳ කිසිදු පෙර දැනුමක් හෝ හුරුවක් අවශ්‍යය නොවේ. පැය 11 කට වැඩි කාලසීමාවක් තුළ පරිච්ඡේදයන් 9 ක ඇති වීඩියෝ පාඩම් 69 ක් යොදා ගනිමින් මෙම පාඨමාලාව තුළදී ඔබට මුල සිට පයිතන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.

අ.පො.ස (සා.පෙ) සහ අ.පො.ස (උ.පෙ) විෂය නිර්දේශයන් වල ඇති පරිගණක ක්‍රමලේඛණය පිළිබඳ විෂය කොටස් ඉගෙන ගැනීම සඳහා ඔබට මෙම ස්වයං අධ්‍යයන පාඨමාලාව යොදා ගත හැක. ඒ සඳහා අවශ්‍යය කෙරෙන විෂය කරුණු ආවරණය වන පරිදි මෙම පාඨමාලාව සකසා ඇති නිසා පාසැල් වල පයිතන් ක්‍රමලේඛණය පිළිබඳව සිදු කරනු ලබන ඉගැන්වීම සඳහා මෙම පාඨමාලාව වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.

ඔබ පරිගණක ක්‍රමලේඛණය පිළිබඳව මුල් වරට හැදෑරීමට බලාපොරොත්තු වන අයෙකු නම් මෙය ඔබට වඩාත් සුදුසුම පාඨමාලාව වනු ඇත.

පාඨමාලාවේ අන්තර්ගතය

  • පයිතන් නිවැරදිව පරිගණකයේ ස්ථාපනය කර ගැනීම
  • පයිතන් හී කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් (command line interface) එක භාවිතා කිරීම
  • පයිතන් ස්ක්‍රිප්ට් ලිවීම සඳහා ටෙක්ස්ට් එඩිටර්ස් භාවිතා කිරීම
  • උබන්ටු භාවිතා කර පයිතන් ස්ක්‍රිප්ට් ලිවීම
  • පයිතන් හී ස්ට්‍රින්ග්ස් (strings) භාවිතා කරන ආකාරය
  • පයිතන් හී ඉලක්කම් (numbers) භාවිිතා කරන ආකාරය
  • ගණිත සමීකරණ සහ ශ්‍රිත (mathematical functions) භාවිතා කරන ආකාරය
  • පයිතන් මැත් මොඩියුලය (Python math modules) භාවිතා කරන ආකාරය
  • බූලියන් දත්ත යෙදවීම (boolean data type)
  • පයිතන් හී වේරියබල්ස් (variables) භාවිතා කිරීම
  • ටුපල්ස් (tuples) භාවිතා කිරීම
  • ලිස්ට් (lists) භාවිතා කිරීම
  • ඩික්ෂනරීස් (dictionaries) භාවිතා කිරීම
  • ලිස්ට් සහ ඩික්ෂනරි සඳහා ෆන්ක්ෂන්ස් (list and dictionary functions) භාවිතා කිරීම
  • Control statements භාවිතා කිරීම (if-else/if-elif)
  • Relational operators භාවිතා කිරීම
  • පයිතන් හී loops භාවිතා කිරීම
  • පයිතන් හී range function එක භාවිතා කරන ආකාරය
  • for loops භාවිතා කිරීම
  • while loop භාවිතා කිරීම
  • break statement ලූප්ස් තුළ භාවිතා කරන ආකාරය
  • continue statement භාවිතා කිරීම
  • පයිතන් ස්ක්‍රිප්ට් ලිවීම සඳහා IDE එකක් භාවිතා කිරීම
  • PyCharm IDE මෘදුකාංගය නිවැරදිව පරිගණකයේ ස්ථාපනය කර ගැනීම සහ සකසා ගැනීම
  • PyCharm මෘදුකාංගය භාවිතා කරන ආකාරය
  • පයිතන් හී operators භාවිතා කරන ආකාරය
  • Arithmetic operators භාවිතා කිරීම
  • Comparison operators භාවිතා කිරීම
  • Logical operators භාවිතා කිරීම
  • Bitwise operators භාවිතා කිරීම
  • Assignment operators භාවිතා කිරීම
  • Operator precedence පිළිබඳව අධ්‍යයනය කිරීම
  • පයිතන් හී Functions සැකසීම සහ භාවිතා කිරීම
  • Arguments සහිත functions භාවිතා කිරීම
  • Values return කරන functions සැකසීම සහ ඒව භාවිතා කරන ආකාරය
  • Functions වල විශේෂිත භාවිතයන්
  • නිවැරදිව පයිතන් ක්‍රමලේඛණයක් සකස් කර ගන්නා ආකාරය
  • Functions තුළ global සහ local variables භාවිතා කරන ආකාරය
  • පයිතන් හී මොඩියුල (modules) භාවිතා කරන ආකාරය
  • Standard library modules පිළිබඳව අධ්‍යයනය කිරීම
  • Math module එක පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීම
  • Random module එක පිළිබඳ අධ්‍යයනය කිරීම
  • නිතර භාවිතා කෙරෙන අනෙකුත් මොඩියුල පිළිබඳ අධ්‍යයනය
  • Hierarchy charts භාවිතා කරන ආකාරය
  • පිටස්තර ලිපි ගොනු වල දත්ත ඇති දත්ත කියවීම සහ ගබඩා කිරීම (file IO operations)
  • Text file එකකට දත්ත ලිවීම සිදුකරන ආකාරය
  • Append mode එක භාවිතා කරන ආකාරය
  • Text file එකක ඇති දත්ත කියවීම සිදු කරන ආකාරය
  • පයිතන් හී exception handle කරන ආකාරය
  • Exception handle කිරීමේ විවිධ ක්‍රම ඉගෙන ගැනීම

මිළ : Rs. 2,000.00

ඇනවුම් කිරීම සඳහා අමතන්න 777560437 / 711779997

අපගේ බැංකු ගිණුමට මුදල් ගෙවීමෙන් පසුව ලියාපදිංචි තැපෑලෙන් (අධිවේගී තැපැල් - Speed Post) මඟින් ඔබගේ ලිපිනයටම ගෙන්වා ගත හැක.

Sample Videos

Back to Top

GURULK.COM © 2008- 2024 All Rights Reserved. Copyright is Owned by the Author.

  • Facebook Fan Page
  • Tweets on Twitter
  • Youtube Channel
  • Author's LinkedIn Profile
  • RSS Feeds of GURULK